― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsදමිතාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

දමිතාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජනප්‍රිය නිළි දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා ආගමන හා විගමන පනත යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය ඊයේ (02) තීන්දු කළා.

දමිතා අබේරත්න සිය නීතිඥවරු මාර්ගයෙන් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කළා.

දමිතා අබේරත්න වෙනුවෙන් නීතිඥ අස්තික දේවේන්ද්‍ර අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායිකාවට එරෙහිව පොලීසිය විසින් මුලින්ම දණ්ඩ නීති සංග්‍රහය යටතේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කර විමර්ශන සිදු කළ බව සඳහන් කළා.

ඉන් අනතුරුව ඇයට එරෙහිව ආගමන හා විගමන පනත යටතේ චෝදනා ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කරන බව පෙන්වා දුන් නීතිඥවරයා ඒ තුළින් තම සේවාදායිකාවට දැඩි අගතියක් සිදුවන බවත් පෙන්වා දුන්නා.

එබැවින් ඇය ආගමන හා විගමන පනත යටතේ අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල පෙත්සම්කාරිය අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් නොකිරීමට තීරණය කරමින් පෙත්සම විභාගයට ගැනීම සඳහා වග උත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙස නියෝග කළා.

ඉන් අනතුරුව පෙත්සම යළි මැයි මස 16 වනදා කැඳවීමට ද නියම කෙරුණා.