23.9 C
Colombo
Thursday, August 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot News'සෝල් බීච්' කඩා දැමීමට එරෙහි පෙත්සමට දින දෙයි

‘සෝල් බීච්’ කඩා දැමීමට එරෙහි පෙත්සමට දින දෙයි

පසුගියදා යුක්තියේ මෙහෙයුම යටතේ දෙහිවල මුහුදුබඩ ප්‍රදේශයේ පිහිටි ‘සෝල් බීච්’ හෝටලය කඩා ඉවත් කිරීමේ සිද්ධිය තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට නියෝගයක් ලබා දෙන ලෙස ඉල්ලා එම හෝටලයේ හිමිකරුවන් විසින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා ජූලි මස 10 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

මෙම පෙත්සම අද (03) ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේදී අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන්ට නොතීසි ලබාදීමට පියවර ගන්නා ලෙස පෙත්සම්කාර පාර්ශවයට විනිසුරු මඩුල්ල විසින් නියෝග කළා.

ඉන් අනතුරුව දෙපාර්ශවයේ නීතිඥවරු විසින් කරන ලද ඉල්ලීම පිළිගත් විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම සලකා බැලීම සඳහා ජූලි මස 10 වැනිදා කැඳවන ලෙස නියෝග කළා.

වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිසි අනුමැතිය ලබාගෙන නීත්‍යානුකූලව පවත්වා ගෙන ගිය අදාල ගොඩනැගිල්ලක් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව කඩා ඉවත් කිරීම තුළින් පොලිස්පති දේශපන්දු තෙන්නකෝන් ඇතුළු නිලධාරීන් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා එහි හිමිකරුවන් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.