― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsනැවතත් ජන සවියක් රටට අවශ්‍යයි - සජිත්

නැවතත් ජන සවියක් රටට අවශ්‍යයි – සජිත්

දූ දරුවන් මෙන්ම වැඩිහිටියන් ආරක්ෂා කිරීම, වැඩිහිටියන්ගේ ජන ජීවිත සුරක්ෂිත කිරීම, ඔවුන්ට අදාළ රැකවරණය හා පහසුකම් ලබා දීම ශිෂ්ඨ සම්පන්න ජන සමාජයක තිබිය යුතු උතුම් ගුණාංගයක් බවත් මේ මොහොතේ ජීවිතයේ සැඳෑ සමයේ සිටින වැඩිහිටියන්ගේ ගිණුම්වලට ලැබුණු 15%ක පොලි ආදායම 6%ට 8%ට පහත දමා ඇති බවත් මොවුන් දහඩිය මහන්සියෙන් ඉතිරි කර ගත් මුදලට ලැබුණු පොළියෙන් ඒ වැඩිහිටි ජනතාව තමන්ගේ බෙහෙත් ඇතුළු අවශ්‍යතා සපුරා ගත් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 142 වැනි අදියර යටතේ අද (04) මුලතිව්, වැලිඔය, මුහුදුබඩපත්තු ඇහැටුගස්වැව විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ වන විට එම පොලි අනුපාත බාගයටත් වඩා අඩු කර ඇති මොහොතක සියලුම දේශපාලනඥයන් මේ ගැන අවධානය යොමු කළ යුතු බවත් මේ නිසා වැඩිහිටියන්ට අත්වන ඉරණම ගැන අවධානය යොමු කරන ලෙසත් මේ සම්බන්ධයෙන් තමා පාර්ලිමේන්තුවේ හඬ නඟා එම පොලිය 15%ට ලබා දෙන ලෙස යෝජනා කළ බවත් එම යෝජනාව මහ පොළොවේ යථාර්ථයක් වී ක්‍රියාත්මක වන තෙක් තමා ඒ වෙනුවෙන් හඬ නගන බවත්ය.

රටේ දුප්පත්කම වැඩි වී ඇති නිසා ජන සවියට සමාන වැඩපිලිවෙළක් සමගි ජන බලවේග රජයක් තුළ ක්‍රියාවට නංවන බවත් අපනයන ප්‍රවර්ධන වැඩසටහනටත් උත්තේජකයක් වන දුගී දුප්පත්කම තුරන් කිරීමේ ජාතික වැඩසටහනට ද දායක විය හැකි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් මෙතෙක් කල් වහල්, අමාරු ජීවිතයක් ගත කළ ජනතාවගේ ජන ජීවිත මහා පීඩනකාරී දුප්පත්කමේ මර උගුලින් මුදවා ගන්නා බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

විපක්ෂයේ සෙසු දේශපාලන නායකයන්ට වඩා තමා සම්පූර්ණයෙන්ම වෙනස් බවත් සමහර විපක්ෂයේ සිටින නායකයන් බස්වලින් සෙනඟ අද්දවා රැස්වීම් පැවැත්වීමට මුදල් ඇති මුත් පාසලක අඩුපාඩු සකස් කිරීමට ඔවුන්ට මුදල් හෝ අවශ්‍යතාවක් නොමැති බවත් සමගි ජන බලවේගය සෙසු පක්ෂවලින් වෙනස් වන්නේ ඒ නිසා බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

අගනුවර අධි සුඛෝපභෝගී ජීවිත ගත කරන පාලකයන් සහ නායකයන් දුෂ්කර පළාත්වලට ගොස් මේ පළාත්වල දූ දරුවන් ගුරුවරුන් විඳින දුක තේරුම් ගත යුතු බවත් විවිධ පක්ෂ සිදු කරන සෝබන සැණකෙළිවලට බොරුවට මුසාවට තවදුරටත් වහල් නොවන ලෙසත් රට වෙනුවෙන් දැන්වත් නිවැරදි තීරණය ගැනීම ජනතාව අතේ පවතින බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

ප්‍රාථමික කණිෂ්ඨ ලෙස පාසල් කොටස් කර කොටසකට පමණක් කෑම ලබා දීම සිදු නොකළ යුතු බවත් දරුවන් සියලු දෙනාටම එක හා සමානව උස් පහත් භේදයකින් තොරව සැලකිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.