27.8 C
Colombo
Sunday, January 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගංජා කිලෝ 9ක් සමඟ තිදෙනෙක් පොලිස් දැලේ

ගංජා කිලෝ 9ක් සමඟ තිදෙනෙක් පොලිස් දැලේ

වවුනියාව ප්‍රදේශයේදී ගංජා තොගයක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය වවුනියාව කඳවුරේ නිලධාරීන්ට
ලද තොරතුරකට අනුවයි මොවුන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

එම පුද්ගලයන් ඊයේ මෝටර් රථයකින් මත්ද්‍රව්‍ය රැගෙන යාමට උත්සාහ කළ අවස්ථාවේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම මෝටර් රථයේ තිබී ගංජා කිලෝග්‍රෑම් 9ක් සහ රුපියල් 19 ලක්ෂ 50,000ක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වව්නියාව, නැදුන්කේනි සහ ඔඩ්ඩුසුඩාන් යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 34, 27 සහ 25 වයස්වල පසුවන පුද්ගලයින් තිදෙනෙකි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශනවලින් අනතුරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.