― political ―

මගේ ළඟ ඩීල් දේශපාලනය නෑ – විජේදාස

තමා ළඟ ඩීල් දේශපාලනය නොමැති බවත් තමා පක්ෂයක වැඩබලන සභාපති වුණා කියා තමාගේ ඇමතිකම අහෝසි කිරීමට රජයට කිසිඳු හේතුවක් නොමැති බවත් අධිකරණ අමාත්‍ය විජේදාස...
HomeHot Newsඩග්ලස් දේශපාලනයට ටටා බායි කියයි

ඩග්ලස් දේශපාලනයට ටටා බායි කියයි

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයත් සමඟ දේශපාලනයෙන් සමුගැනීමට තමන් තීරණය කළ බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පවසනවා.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (04) යාපනයේදී සමෘද්ධි නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

මම සන්නද්ධ අරගලයේ සිට ප්‍රධාන ධාරාවේ දේශපාලනය දක්වා විවිධ බාධක තරණය කර ඇත්තෙමි. මගේ ඉලක්කය මගේ දේශපාලන කාලය තුළ දෙමළ ජනතාවගේ දේශපාලන එදිනෙදා ප්‍රශ්න සහ සංවර්ධනය හැකිතාක් ලබා ගැනීමයි. අවාසනාවට මට ලැබුණු ආසන මදි නිසා මිනිස්සු මට දකුණත් එක්ක කේවල් කිරීමේ බලය දුන්නේ නැහැ.

මට අවශ්‍ය දෙමළ ජනතාවට යමක් ලබා ගැනීමට මිස ජනතාව සමඟ දේශපාලනය කිරීම නෙවෙයි. පහුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සේ දේශපාලනයෙන් සමුගන්න හිතුවත් මම දේශපාලනයට සම්බන්ධ වුණේ මම පටන් ගත්ත සමහර දේවල් ඉවර කරන්න හිතාගෙන. ඒ නිසා මමත් වයසට යනවා, ශාරීරික ආබාධිත තත්ත්වයට පත්වෙනවා, ඒ නිසා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයත් සමඟ මම දේශපාලනයෙන් සමුගන්නවා.