28 C
Colombo
Tuesday, March 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතායිලන්ත මගී යාත්‍රාවක් ගිනිගනී

තායිලන්ත මගී යාත්‍රාවක් ගිනිගනී

දකුණු තායිලන්තයේ වෙරළට ඔබ්බෙන් වූ සූරත් තානි ප්‍රදේශයේදී මගී යාත්‍රාවක් ගිනිගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ යාත්‍රාව ගිනිගන්නා අවස්ථාවේදී එහි මගීන් 100ක් පමණ සිට ඇති බවයි.

මෙම යාත්‍රාව සූරත් තානි සිට ජනප්‍රිය සංචාරක දූපතක් වන කෝ තාඕ දක්වා ගමන් කරමින් සිටියදීයි ගින්න හටගෙන ඇත්තේ.

යත්‍රාවේ සිටි ඇතැම් මගීන් ගින්නෙන් බේරීම සඳහා මුහුදට පැන ඇති අතර එරට මාධ්‍ය වාර්තා කරන්නේ ගින්නෙන් කිසිවෙකුටත් හානි සිදුව නොමැති බවයි.