27.8 C
Colombo
Tuesday, September 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවේදනා නාශක තොගයක් සමඟ අයෙක් අල්ලයි

වේදනා නාශක තොගයක් සමඟ අයෙක් අල්ලයි

නීතිවිරෝධි ලෙස අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ වේදනා නාශක ඖෂධ පෙති තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය එක්ව ඊයේ (04) කල්මුණේ ප්‍රදේශයේ වැටලීමක් සිදු කර තිබෙනවා.

එහිදී වලංගු බලපත්‍ර නොමැතිව අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ වේදනා නාශක ඖෂධ පෙති 5033ක් ළඟ තබා ගෙන සිටි සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 63 ක් වන කල්මුණේ, මරදමුනෙයි 6 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අත්අඩංගුවට ගත් සැකකරු සහ වේදනා නාශක ඖෂධ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කල්මුණේ ආහාර හා ඖෂධ පරීක්ෂක කාර්යාලය වෙත භාර දී තිබෙනවා.