― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsකෝවිලේ කෑම කෑ වතු කම්කරුවන් 120ක් රෝහලේ

කෝවිලේ කෑම කෑ වතු කම්කරුවන් 120ක් රෝහලේ

ලක්ෂපාන, වාලමලෙයි හින්දු කෝවිලේ පැවති වාර්ෂික උත්සවයකින් අනතුරුව ලබාදුන් ආහාර පාර්සල් අනුභව කළ වතු කම්කරුවන්, කුඩා දරුවන් ඇතුළු 120 දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ නල්ලතන්නිය පොලිස් වසමට අයත් ලක්ෂපාන වාලමලෙයි හින්දු කෝවිලේ පැවති වාර්ෂික උත්සවයකින් පසු කෝවිලේ දන්සලෙන් ලබාදුන් ආහාර පාර්සල් අනුභව කළ 120 දෙනෙකු ඊයේ (07) රාත්‍රියේ මස්කෙලිය ප්‍රාදේශිය රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි.

මෙලෙස ආහාර පාර්සල් අනුභව කළ පුද්ගලයින්ට ක්ලාන්තය, වමනය, උදරයේ ආබාධ සහ පාචනය යන රෝග ලක්ෂණ පහළ වී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව එම පිරිස මස්කෙළිය ප්‍රාදේශිය රෝහල වෙත ඇතුළත් කර ඇති අතර ඉන් 25 දෙනෙකු පමණක් තවදුරටත් මස්කෙළිය ප්‍රාදේශිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ කිසිඳු අවසරයක් හෝ අධීක්ෂණයකින් තොරව බෝංචි, වට්ටක්කා, බටු සහ පතෝල යන ව්‍යාංජන සමඟ බත් පාර්සල් 2000 ක් සකස් කර වතු කම්කරුවන්ට බෙදා දී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

කෙසේනමුත් ඊයේ රාත්‍රියේම ගොස් වතු කම්කරුවන්ට ලබාදුන් ආහාර පාර්සල්වල සාම්පල් ලබාගත් බවත් එම ආහාර සාම්පල් රජයේ රස පරික්ෂකවරයා වෙත යොමු කරන බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් නල්ලතන්නිය පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.