― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsයුධ හමුදා ඇඳුම් කොටස් හා හෙරොයින් සමඟ අයෙක් අල්ලයි

යුධ හමුදා ඇඳුම් කොටස් හා හෙරොයින් සමඟ අයෙක් අල්ලයි

යුධ හමුදා නිල ඇඳුම් කොටස් සමඟ හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු වි‍ශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දිවයින පුරා ක්‍රියාත්මක යුක්තියේ මෙහෙයුමට සමගාමීව රත්ගම පොලිස් වසමේ නිව්ලේන් වත්ත, ගනේගොඩ, රත්ගම ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකදීයි මෙම භාණ්ඩ සොයාගෙන ඇත්තේ.

එහිදී යුධ හමුදා නිළ ඇඳුම් කොටස් වන කොළ පාට දිග කළිසම් 02ක්, කොළ පාට අත් දිග කමිස 01ක්, කොළ පාට අත් කොට කමිස 01ක්, අත් දිග කැමා කමිස 01ක්, නිල්පාට බේරට් 02 සමග හෙරොයින් ග්‍රෑම් 06 යි මිලි ග්‍රෑම් 716 සන්තකයේ තබාගෙන සිටි රත්ගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 38 ක අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඔහු රත්ගම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.