පසුගිය පැය 24 තුළ විවිධ අනතුරු හේතුවෙන් පුද්ගලයින් 162 දෙනෙකු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ඒ අතරින් පුද්ගලයින් 37 දෙනෙකු මාර්ග අනතුරු හේතුවෙන් රෝහල් ගත කර ඇති බව ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පවසනවා.
කෙසේවෙතත් පෙරේදා (13) ගිනිකෙළි අනතුරු කිසිවක් වාර්තා නොවූ බවයි වාර්තා වන්නේ.
මේ අනුව පසුගිය වසරවලට සාපේක්ෂව අලුත් අවුරුදු දින රිය අනතුරු ප්‍රමාණය ද අඩු වී ඇති බවයි නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.