― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsකුකුල් මස් හා බිත්තර මිල යළි ඉහළට

කුකුල් මස් හා බිත්තර මිල යළි ඉහළට

උත්සව සමයේදී කුකුල් මස් සහ බිත්තර අඩු මිලට ලබා දෙන බවට රජය පොරොන්දු වුවද එය වෙළෙඳපොළේ දක්නට නොලැබුණු බව පාරිභෝගිකයින් පවසනවා.

උත්සව සමයේ කුකුල් මස් මිල අත්තනෝමතික ලෙස ඉහළ දැමීම පිළිබඳව පාරිභෝගිකයන් වෙළෙඳුන්ට චෝදනා කරන අතර වෙළෙඳපොළේ බිත්තර මිලද යළිත් ඉහළ ගොස් තිබෙනවා.

මීට පෙර කුකුල් මස් කිලෝග්‍රෑමයක් රුපියල් 1100කට අලෙවි වූ නමුත් මේ වනවිට කුකුළු මස් කිලෝග්‍රෑමයක් රුපියල් 1400 දක්වා ඉහළ දමා තිබෙනවා.

මේ අතර බිත්තරයක මිලද රුපියල් 60 දක්වා ඉහළ දමා ඇති අතර
උත්සව සමයෙන් පසු බිත්තර මිල නැවතත් ඉහළ යමින් පවතින බවයි දක්නට ලැබෙන්නේ.