22.8 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot News14 දැරිය පැහැරගත් 17 තරුණයා අත්අඩංගුවට

14 දැරිය පැහැරගත් 17 තරුණයා අත්අඩංගුවට

14 හැවිරිදි දැරියක් පැහැරගෙන යාමේ චෝදනාව මත 17 හැවිරිදි පිරිමි ළමයෙකු කාත්තන්කුඩි පොලිසිය විසින් අද (15) උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පිරිමි දරුවා දින කිහිපයක් කොළඹ රැඳී සිට නිවසට පැමිණ ඇති බවට ලැබුණු තොරතුරක් මත කාත්තන්කුඩි පොලිසිය එම තරුණයා අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය 09 වැනිදා කුට්‍රවෙලි ග්‍රාම් ප්‍රදේශයට පැමිණි මෙම සිසුවා අදාළ දැරිය පැහැරගෙන කොළඹට රැගෙන ගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.

ඔහු ඊයේ කොළඹ සිට යළි නිවසට පැමිණෙමින් සිටියදී කාත්තන්කුඩි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් තරුණයා මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරන බවයි කාත්තන්කුඩි පොලිසිය පැවසුවේ.

අදාළ දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මඩකලපුව ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කාත්තන්කුඩි පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.