― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඅවුරුදු සමයේ අධිවේගයෙන් වාර්තාගත ආදායමක්

අවුරුදු සමයේ අධිවේගයෙන් වාර්තාගත ආදායමක්

පසුගිය වර්ෂය හා සසඳා බැලීමේදී මෙම වර්ෂයේ අලුත් අවුරුදු කාලසීමාවේ අධිවේගී මාර්ගයෙ ආදායම මිලියන 76කින් වැඩි වී ඇති බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රියන්ත සූරිය බණ්ඩාර පවසනවා.

අද (16) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ අලුත් අවුරුදු වෙනුවෙන් ගත වූ දින හයක කාලය තුළ 674000 වාහන ප්‍රමාණයක් අධිවේගී මාර්ගය භාවිතා කර ඇති බවයි.

එමෙන්ම පසුගිය වසරේ 614000 භාවිතා කර ඇති අතර ඊට සාපේක්ෂව මෙය හැටදාහක පමණ වැඩිවීමක් බවයි ඔහු කියා සිටියේ.

අධිවේගී මාර්ගයේ මෙම වර්ෂයේ දින හයක ආදායම මිලියන 235ක් වන අතර 2023 වර්ෂයේ දින හයක ආදායම රුපියල් මිලියන 159 ක් වූ බවත් එය මෙම වර්ෂය හා සසඳා බැලීමේ දී රුපියල් මිලියන 76ක වැඩිවීමක් බව ඔහු එහිදී අවධාරණය කළා.