33.9 C
Colombo
Wednesday, April 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඕමානයට ගංවතුර - 17ක් ජීවිතක්ෂයට

ඕමානයට ගංවතුර – 17ක් ජීවිතක්ෂයට

ඉරිදා සිට ඕමානයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඇති වූ ගංවතුරෙන් පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඕමානයේ බොහෝ ප්‍රදේශවල පාසල් සහ රාජ්‍ය ආයතන වසා දැමීමට ද ඕමාන් රජය තීරණය කර ඇති බවයි.

අධික ගංවතුර තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ වනවිට ප්‍රදේශ රැසක මුදාගැනීමේ මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

ඉදිරි දින කිහිපයේදීද ඕමානයේ බොහෝ ප්‍රදේශවලට තද වැසි අපේක්ෂා කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එමෙන්ම අධික වර්ෂාව හේතුවෙන් මෝටර් රථ සහ දේපළ රැසකට හානි සිදුව තිබෙනවා.