26 C
Colombo
Saturday, February 22, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsආරවුලක් නිසා මව හා දරු තිදෙනා වස පානය කරලා

ආරවුලක් නිසා මව හා දරු තිදෙනා වස පානය කරලා

ගම්පොළ, මස්ගොල්ල, මොරහේන ප්‍රදේශයේ පදිංචි මවක් හා දරුවන් තිදෙනෙකු වස පානය කර ඇති බව පුපුරැස්ස පොලිසිය පවසනවා.

මෙලෙස වස පානය කොට ඇත්තේ 38 හැවිරිදි මවක් හා අවුරුදු දාසය, දහතුන, දහය යන වයසේ පසු වූ ඇයගේ පිරිමි දරුවන් තිදෙනායි.

මෙම දරුවන්ගේ පියා යුද හමුදාවේ ආබාධිත විශ්‍රාමිකයකු වන අතර ඔවුන් එළවළු වගාවේ නිරත වී දිවි සරි කරගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.

ඊයේ (15) රාත්‍රියේ ගම්පොළ, පන්විලතැන්න ප්‍රදේශයේ පැවැති අවුරුදු සංගීත සංදර්ශනයක් සඳහා මෙම පිරිස ගමේ අයත් සමග ලොරි රථයකින් ගොස් තිබේ.

සංගීත සංදර්ශනය අවසන්ව අලුයම නිවසට ගොස් ඇති අතර දුරකථන ඇමතුමක් ලබාදීම සම්බන්ධයෙන් බිරිඳ හා සැමියා අතර එම අවස්ථාවේදී ආරවුලක් හටගෙන තිබෙනවා.

එහිදී අලුයම 3ට පමණ ඇය එළවළු සඳහා ගෙනවිත් තිබූ කෘමිනාශක වර්ගයක් පානය කිරීමෙන් පසු දරුවන්ද එම කෘමිනාශක පානය කර තිබෙනවා.

මොවුන් සිවුදෙනා ගම්පොල ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බවයි පොලීසිය පැව්සුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් ගම්පොල, පුපුරැස්ස පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.