― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsඅපි කෙටි පණිවිඩ එවන්නේ නැහැ - රැවටෙන්න එපා

අපි කෙටි පණිවිඩ එවන්නේ නැහැ – රැවටෙන්න එපා

තම දෙපාර්තුමේන්තුව මගින් පාරිභෝගිකයන් හට දෙස් විදෙස් පැකේජ ලැබුණු බවට දන්වා කෙටි පණිවිඩයක් නොඑවන බව ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ ව්‍යාජ වෙබ් අඩවි සහ තාක්ෂණික පද්ධති භාවිත කරමින් ව්‍යාජ අංක භාවිත කරමින් පුද්ගලයන් රවටා ගන්නා බවට පැමිණිලි ලැබී ඇති බවයි.

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ නම සහ නිල වෙබ් අඩවියේ ලිපිනය අනිසි ලෙස භාවිත කරමින් මෙම වංචාව සිදුවන බව අනාවරණය වී තිබේ.

තැපැල් දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් පැහැදිලි කර ඇත්තේ තම දෙපාර්තමේන්තුව මගින් එවන කෙටි පණිවුඩ මගින් බැංකු කාඩ්පත් සහ ක්‍රෙඩිට් කාඩ් තොරතුරු කිසිවිටෙකත් ඉල්ලා නොසිටින බවයි.