28 C
Colombo
Tuesday, October 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපළාත් රැසක උණුසුම යළි ඉහළට

පළාත් රැසක උණුසුම යළි ඉහළට

අද (18) දිනයේදී පළාත් 7ක උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටම දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ උතුරු, උතුරු මැද, බස්නාහිර, සබරගමුව, නැගෙනහිර, දකුණ සහ වයඹ පළාත්වල උණුසුම මෙලෙස ඉහළ ගොස් ඇති බවයි.

වියළි කාලගුණය නිසා ඇති විය හැකි විජලන තත්ත්වයෙන් මිදීම සඳහා හැකිතාක් වැඩිපුර ජලය පානය කරන ලෙසත් දිවයින පුරා ඇති සෑම පාසලකම දරුවන් එළිමහන් ක්‍රියාකාරකම්වල යොදවා නොගන්නා ලෙසත් සෞඛ්‍ය අංශ විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලා සිටිනවා.

එමෙන්ම වැඩබිම් තුළ සිටින පුද්ගලයින් ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන්න ලෙසත් සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.