32.2 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජාතික හැඳුනුම්පතක් නොමැති අයට විශේෂ නිවේදනයක්

ජාතික හැඳුනුම්පතක් නොමැති අයට විශේෂ නිවේදනයක්

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසන්නේ ජාතික හැඳුනුම්පතක් ලබාගැනීමට නොහැකි වූ වයස අවුරුදු හතළිහ ඉක්මවා ඇති පුද්ගලයන්ට හැඳුනුම්පත් නිකුත් කිරීමේ කාලය ජුනි මස 30 දක්වා දිර්ඝ කර ඇති බවයි.

එම හැඳුනුම්පත් නිකුත් කිරීම පසුගිය මාර්තු 31 වන දින දක්වා ක්‍රියාත්මක වූ අතර ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් සැළකිල්ලට ගෙන මෙම තීරණය ගෙන තිබෙනවා.

උප්පැන්න සහතිකයක් නොමැතිවීම හේතුවෙන් මෙතෙක් හැඳුනුම්පතක් ලබාගැනීමට නොහැකි වූ පුද්ගලයින් වෙනුවෙන් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙනවා.