― political ―

ලොව වේගයෙන්ම වර්ධනය වන මුදල් ඒකකය රුපියලයි

අද වනවිට ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන මුදල් ඒකකයක් බවට රුපියල පත්ව ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මෙම වසරේ මුල්...
HomeHot Newsරනිල් පෝලිම් යුගය අවසන් කළා - වඩිවේල්

රනිල් පෝලිම් යුගය අවසන් කළා – වඩිවේල්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ එදා තිබූ පෝලිම් යුගය අවසන් කර ජනතාවට සාමකාමීව ජීවත් වීමට හැකි රටක් නිර්මාණය කළ බව
පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක වඩිවෙල් සුරේෂ් පවසනවා.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ඌවපරණගම, අඹගස්දෝව මහජන ක්‍රීඩාංගනයේ ඊයේ (21) පැවති අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහල් බෙදාදීමේ 2024 ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවයට එක්වෙමිනි.

මේ රට ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීමට ජනාධිපතිවරයා ඉටු කරන මෙහෙවර ප්‍රශංසනීයයි. එදා තිබු පෝළිම් යුගය අවසන් කර ජනතාවට සාමකාමීව ජීවත් වීමට හැකි රටක් නිර්මාණය කිරීමට එතුමාට හැකිවුණා. එතුමාගේ විදේශ සබඳතා මත මෙරට ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන එමින් අද වන විට අඩු ආදායම්ලාභී පවුල් සඳහා ප්‍රතිලාභ ලබාදීමටත් එතුමාට හැකි වී තිබෙනවා.

ඒ වගේම අස්වැසුම ප්‍රතිලාභය ලක්ෂ 24කට ලබා දීමට කටයුතු කර තිබෙනවා. උරුමය වැඩසටහන යටතේ ඉඩම් ඔප්පු ලබාදීම සිදුකරනවා. ඒ වගේම රාජ්‍ය සේවා වැටුප රුපියල් දස දහසකින් ඉහළ නංවා තිබෙනවා. මේ සියල්ල සිදු කළේ ජනාධිපතිතුමාගේ ආර්ථික ප්‍රතිපත්තිය නිසයි. එම නිසා ඉදිරියේදී වතු ජනතාවගේ වැටුප් වැඩි කිරීමත් සලකා බලන ලෙස මා ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. බදුල්ල දිස්ත්‍රික්කයෙන් ජනාධිපතිතුමාගේ මීළග මැතිවරණ ජයග්‍රහණය නියත බව කිව යුතුයි.