29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsෆොක්ස් හිල් අනතුර ගැන සොයන්න යුද හමුදාවෙන් කමිටුවක්

ෆොක්ස් හිල් අනතුර ගැන සොයන්න යුද හමුදාවෙන් කමිටුවක්

දියතලාව ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගය අතරතුර සිදුවු අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා සත්පුද්ගල කමිටුවක් පත් කිරීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව තීරණය කර තිබේ.

මේජර් ජෙනරාල්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුතුව මෙම කමිටුව පත්කරන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් රසික කුමාර පැවසුවේය.

අනතුර සම්බන්ධයෙන් දැනට පවතින වීඩියෝ පට සහ ඡායාරූප උපයෝගී කරගනිමින් මෙම පරීක්ෂණ කටයුතු සිදුකිරීමට නියමිතයි.

විශේෂ විමර්ෂණ කමිටුව විසින් අනතුරට හේතු පාදක වූ කරුණු මොනදවාද ? වගකිවයතු අයවළුන් කවුරුන්ද ? තරගාවලිය නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයන්ගෙන් ආරක්ෂාව තහවුරුකොට තිබුණේද ? ධාවන පථයේ ප්‍රමිතිය සැබැඳිව වගකිවයුතු පාර්ශව / ආයතන නිසි පරිදි ක්‍රියා කර තිබුණේද ? සහ ඉදිරියේදී එවැනි අනතුරු සිදුවීම වළක්වා ගැනීමට ගතයුතු ක්‍රියාමාර්ග කවරේද ? යන්න ඇතුළු කරුණු ගණානාවක් පිළිබඳව සොයා බැලීමට නියමිතව ඇත.

පසුගිය ඉරිදා පස්වරුවේ දියතලාව ෆොක්ස්හිල් මොටර් රථ ධාවන තරගය අතරතුර සිදුවු අනතුරින් පුද්ගලයින් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණි.

අනතුරින් 21 දෙනෙකු තුවාල ලැබු අතර ඔවුන්ගෙන් 15 දෙනෙකු දියතලාව මුලික රෝහලේත් තිදෙනෙකු බදුල්ල ශික්ෂණ රෝහලේත් ප්‍රතිකාර ලබමින් සිටී.

ආරක්ෂක පස්වලල්ල මත ප්‍රේක්ෂකයින් රැඳී සිටිමින් තරගය නරඹමින් සිටින අවස්ථාවේ දී මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව ඇති බව යුද හමුදාව පැවසුවේය.

කෙසේවෙතත් මෙම අනතුර සම්බන්ධයෙන් රේසින් කාර් රියදුරන් දෙදෙනෙකු ඊයේ දිනයේ දී අත්අඩංගුවට ගත් අතර ඔවුන් දෙදෙනා අප්‍රේල් 30 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.