27.2 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපිහියෙන් ඇන එක්දරු පියෙක් මරා දමලා

පිහියෙන් ඇන එක්දරු පියෙක් මරා දමලා

මින්නේරිය ප්‍රදේශයේදී ඊයේ (23) පිහියෙන් ඇන පුද්ගලයෙක් ඝාතනය කර තිබෙනවා.

පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් මින්නේරිය වැව පාරේ,විදුලි බල මණ්ඩල කාර්යාලය අසළ්දී මෙම පිහි ඇනුම සිදු කර ඇති බවයි පොලීසිය පවසන්නේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මින්නේරිය වැව පාර ප්‍රදේශයේ පදිංචිව සිටි 39 හැවිරිදි එක්දරු පියෙකි.

මියගිය පුද්ගලයා මින්නේරිය වැවේ ධීවර රැකියාවේ නිරත පුද්ගලයෙකු වන අතර ඔහු හා ඝාතනය සිදු කළ පුද්ගලයා අතර කලක පටන් තිබූ ආරවුලක් දුර දිග ගොස් මෙම ඝාතනය සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

ඝාතනයට සම්බන්ධ පුද්ගලයා ද එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙකු වන අතර මෙම ඝාතනය සම්බන්ධයෙන් ඊට සම්බන්ද සැකකරුවන් දෙදෙනෙකු මින්නේරිය පොලීසිය විසින් ඊයේ ‍රාත්‍රියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මින්නේරිය, හේන් යාය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 26-30ත් අතර පසුවන පුද්ගලයින් දෙදෙනෙකි.

සැකකරුවන් අද (24) හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ඝාතනයට සම්බන්ධ සැකකරු අත් අඩංගුවට ගැනීම සඳහා මින්නේරිය පොලීසිය විසින් විශේෂ මෙහෙයුමක් දියත් කර ඇති අතර මේ පිළිබඳ වැඩිදුර පරීෂණ මින්නේරිය පොලීසිය විසින් සිදුකරනු ලබනවා.