27.8 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅද මාර්ග කිහිපයක් වැසෙයි

අද මාර්ග කිහිපයක් වැසෙයි

අද (24) දිනයේදී කොළඹ අවට මාර්ග කිහිපයක් වසා තැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පවසනවා.

ඉරාන ජනාධිපතිවරයාගේ මෙරට සංචාරය හේතුවෙනුයි මෙලෙස විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් හා රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇත්තේ.

ඒ අනුව අද පස්වරු 2 සිට 3 දක්වා කටුනායක කොළඹ අධිවේගී මාර්ගය වසා තැබෙනු ඇති.

එම කාලය තුළ අධිවේගී මාර්ගයේ සිට පෑලියගොඩ, ඔරුගොඩවත්ත මංසන්ධිය, දෙමටගොඩ, බොරැල්ල, ඩී එස් සේනානායක මංසන්ධිය, හෝටන් පෙදෙස, හෝටන් වටරවුම, ග්‍රීන් පාත්, පුස්තකාල වටරවුම, ආනන්ද කුමාරස්වාමි මාවත, ලිබර්ටි වටරවුම, ආර් ඒ ද මැල් මාවත, ශාත්න මයිකල් පාර, ගාලු පාර සිට කොටුව දක්වා වූ මාර්ගයත්, හිල්ටන් හෝටලය දක්වා වූ මාර්ගයත් වසා තැබෙන බව පොලීසිය පවසනවා.

මේ සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය හා ත්‍රිවිධ හමුදාව යොදවා තිබෙනවා.