29 C
Colombo
Thursday, February 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsචීන දූත පිරිස හා සජිත් අතර හමුවක්

චීන දූත පිරිස හා සජිත් අතර හමුවක්

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ දෙපාර්තමේන්තුවේ දූත පිරිස හා විපක්ෂ නායක ප්‍රමුඛ සමගි ජන බලවේගයේ නියෝජිතයන් අතර හමුවක් සිදුව තිබෙනවා.

මෙම හමුවේදී ආර්ථික, වාණිජ, ව්‍යාපාර, දේශපාලන සබඳතා යන ක්ෂේත්‍ර රැසක් සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කර ඇති අතර ශ්‍රී ලංකාව සහ චීනය අතර ව්‍යාපාර සම්බන්ධතා ගොඩනැගීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර අදහස් හුවමාරු වී ඇති බවයි වාර්තා වන්නේ.

මීට අමතරව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ මධ්‍යම කාරක සභාවේ උප අමාත්‍යවරිය අතර ද සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.