31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsජනපති අතින් විවෘත වූ නිහොන්බෂි

ජනපති අතින් විවෘත වූ නිහොන්බෂි

කොළඹ වරාය නගර පරිශ්‍රයේ පිහිටුවන ලද ‘නිහොන්බෂි (Nihonbashi) ජපන් අවන්හල’ විවෘත කිරීම ඊයේ (24) පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

1995 වසරේ ගාලු මුවදොර ටෙරස්හි ආරම්භ කළ පළමු නිහොන්බෂි ජපන් අවන්හල මෙරට සුප්‍රසිද්ධ සූපවේදියෙකු වන දර්ශන මුනිදාස මහතා විසින් මෙරටට දායාද කරන ලද ප්‍රමුඛ පෙළේ අවන්හලකි. ගතවුණු වසර 29ක් පුරාවට මෙම අවන්හල දෙස් විදෙස් සංචාරකයන් ඇතුළු මෙරට ජනතාවට ප්‍රණීත ජපන් ආහාර වේලක රස බැලීම සඳහා අවස්ථාව සලසා දී ඇත.

අවන්හල නිල වශයෙන් විවෘත කළ ජනාධිපතිවරයා එහි නිරීක්ෂණ චාරිකාවකට එක්වූ අතර පැමිණ සිටි පිරිස සමඟ සුහද කතාබහක ද නිරත විය.

එම අවස්ථාවට ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා ඇතුළු සම්භාවනීය ආරාධිතයින් පිරිසක් එක්ව සිටියහ.