― political ―

වතු වැටුප් වැඩි කිරීමට හාම්පුතුන් අකුල් හෙළනවා

'සිලෝන් ටී' නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...
HomeHot Newsචීන දූත පිරිස හා සජිත් අතර හමුවක්

චීන දූත පිරිස හා සජිත් අතර හමුවක්

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ දෙපාර්තමේන්තුවේ දූත පිරිස හා විපක්ෂ නායක ප්‍රමුඛ සමගි ජන බලවේගයේ නියෝජිතයන් අතර හමුවක් සිදුව තිබෙනවා.

මෙම හමුවේදී ආර්ථික, වාණිජ, ව්‍යාපාර, දේශපාලන සබඳතා යන ක්ෂේත්‍ර රැසක් සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කර ඇති අතර ශ්‍රී ලංකාව සහ චීනය අතර ව්‍යාපාර සම්බන්ධතා ගොඩනැගීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර අදහස් හුවමාරු වී ඇති බවයි වාර්තා වන්නේ.

මීට අමතරව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ මධ්‍යම කාරක සභාවේ උප අමාත්‍යවරිය අතර ද සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.