― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsඅංගොඩ ලොක්කාගේ ගෝලයෙක් ගුවන්තොටේදී මාට්ටු

අංගොඩ ලොක්කාගේ ගෝලයෙක් ගුවන්තොටේදී මාට්ටු

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙක් වන ‘අංගොඩ ලොක්කාගේ’ ගෝලයෙක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා ව්‍යාජ හැඳුනුම්පතක් සහ විදේශ ගමන් බලපත්‍රයක් භාවිත කරමින් විදේශගත වීමට උත්සාහ කිරීමේ දී මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පැවසුවේ ගුවන්තොටුපළේ සවිකර ඇති පුද්ගලයින් හඳුනාගැනීමේ පද්ධතිය මඟින් සැකකරු හඳුනාගෙන ඇති බවයි.

47 හැවිරිදි වියේ පසුවන සැකකරු වැඩිදුර විමර්ශන සඳහා මුල්ලේරියාව පොලිසියට භාරදී තිබෙනවා.