― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsඅද සිට කොළඹ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්

අද සිට කොළඹ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්

කොළඹ නගරය ඇතුළු මැයි දින රැළි සහ පෙළපාලි පැවැත්වෙන නගර කේන්ද්‍ර කරගනිමින් අද (30) සිට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා.

පොලීසිය පැවසුවේ හෙටට යෙදී ඇති ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් මෙම ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර ඇති බවයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළේ ඒ අනුව කොළඹ නගරයේ මැයි දින පෙළපාලි සහ රැළිවල ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 6,000ක් යොදවා ඇති බවයි.

ඊට අමතරව තවත් පොලිස් නිලධාරීන් 4000ක පිරිසක් අනෙකුත් ප්‍රදේශවල ආරක්ෂාවට යොදවා ඇති අතර මැයි රැළි ආවරණය කිරීම සඳහා ඩ්‍රෝන යානා භාවිත කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා පූර්ව අවසරයක් ලබාගත යුතුවීම අත්‍යවශ්‍ය බවයි ඔහු අවධාරණය කළේ.

මෙවර මැයි දිනය වෙනුවෙන් කොළඹ නගරයේ මැයි දින පෙළපාලි හා රැළි 14ක් සංවිධානය කර ඇති අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි රැළිය බොරැල්ල කැම්බල් පිටියේ දී පැවැත්වීමට නියමිත්යි.

එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළිය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් මාලිගාවත්ත පී.ඩී.සිරිසේන ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර සමගි ජන බලවේගයේ මැයි දින රැළිය කොටුව චැතම් වීදියේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින රැළිය ගම්පහ නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වීමටයි සැලසුම් කර ඇති අතර ජාතික ජන බලවේගයේ ප්‍රධාන රැළිය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මාවතේදී පැවැත්වීමට නියමිතයි.