27.8 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමාර්ග සංඥා අසළ යාචකයින්ට මුදල් දුන්නොත් දඬුවම්

මාර්ග සංඥා අසළ යාචකයින්ට මුදල් දුන්නොත් දඬුවම්

දිවයිනේ ප්‍රධාන මංසන්ධිවල මාර්ග සංඥා අසළ නවත්වන වාහනවලින් සිඟමන් යදින යාචකයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට පොලීසිය තීරණය කර තිබෙනවා.

ඒ අනුව පොලිසියේ දැනුම් දීම නොතකා යාචකයන්ට මාර්ග සංඥා අසල මුදල් ලබාදෙන්නේ නම් දඩයක් නියම කරන බවයි පොලීසිය පවසන්නේ.

මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා රාජකාරියේ නියුතු පොලිස් නිලධාරීන් සහ සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් කණ්ඩායම් යොදවා තිබෙනවා.

මාර්ග සංඥා අසළ යාචකයන්ගෙන් රියදුරන් ඇතුළු ජනතාවට ඇතිවන අපහසුතාව වැළැක්වීම සඳහා මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.