28.4 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot NewsCID ලෙස පෙනී සිට අල්ලස් ගත් 04ක් පොලිස් දැලේ

CID ලෙස පෙනී සිට අල්ලස් ගත් 04ක් පොලිස් දැලේ

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් රුපියල් කෝටියක මුදලක් අල්ලස් ලෙස ලබාගත් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැවසුවේ ඊයේ (29) පස්වරුවේ කොල්ලුපිටිය ප්‍රදේශයේදී කාන්තාවක් සහ පිරිමි පිරිමි පුද්ගලයින් තිදෙනෙක් මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.

දෙහිවල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදුකළ පැමිණිල්ලකට අනුවයි මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ.

එහිදී කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි නිවසක් පරීක්ෂා කර පැමිණිලිකරුට අයත් රුපියල් 12,000,000ක් හා ඩොලර් 3,500ක් අදාළ සැකකරුවන් විසින් රැගෙන ගොස් තිබෙනවා.

සැකකරුවන් විසින් එම නිවසේ සේවය කරමින් සිටි ඉන්දියානු ජාතිකයාගේ විදේශ ගමන් බලපත්‍රය රැගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්පසුව ඔවුන් විසින් පැමිණිකරුට දුරකථනයෙන් ඇමතුමක් ලබාදී ඔහුට විරුද්ධව විමර්ශනයට උදව් කිරීමට සහ රැගෙන යන ලද විදේශ ගමන් බලපත්‍රය නැවත ලබාදීමට රුපියල් කෝටි 04ක මුදලක් ඉල්ලා තිබෙනවා.

පසුව එම මුදල කෝටි 3 හමාරක් දක්වා අඩුකර ඇති අතර එහි පළමු කොටස ලෙස රුපියල් කෝටියක මුදලක් අල්ලස් ලෙස ලබාගෙන ඇති බවයි පොලීසිය පවසන්නේ.

ඒ අනුව අල්ලස් ලෙස රුපියල් කෝටියක මුදලක් ලබාගැනීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙක් සහ සැකකාරිය මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අද (30) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.