27.8 C
Colombo
Tuesday, July 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot NewsCovishield එන්නත ගැන ඇඟ හිරිවැටෙන පුවතක්

Covishield එන්නත ගැන ඇඟ හිරිවැටෙන පුවතක්

කොරෝනා වසංගතයට පිළියමක් ලෙස එක්සත් රාජධානිය විසින් නිෂ්පාදිත ‘ඇස්ට්‍රසෙනිකා එන්නත’ මගින් අතුරු ආබාධ රැසක් ඇතිවිය හැකි බව අනාවරණය වී තිබෙනවා.

ඇස්ට්‍රසෙනිකා සමාගම හා ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය එක්ව මෙම එන්නත නිපදවනු ලැබුවා.

මෙම එන්නත Covishield නමින් ඉන්දියාවේ බෙදා හැර ඇත.

මේ අතර Jamie Scott නම් පුද්ගලයා ඇස්ට්‍රාසෙනිකා එන්නත මගින් තමාගේ මොළයට හානි වූ බව පවසමින් නඩුවක් ගොනු කර තිබෙනවා.

මෙම එන්නත සම්බන්දයෙන් වන්දි ඉල්ලා නඩු 51ක් පවරා ඇති අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ දිඟටම සිදුවෙමින් පවතී.

එමෙන්ම The Telegraph පුවත් සේවයද වාර්තා කරන්නේ කොවිඩ් එන්නත දුර්ලභ අතුරු ආබාධ ඇති කළ හැකි බව ඇස්ට්‍රසෙනිකා සමාගම අධිකරණ ලේඛනවල පිළිගෙන ඇති බවයි.

මෙම එන්නත මගින් දුර්ලභ ගණයේ රුධිර කැටි ගැසීම් සහ පට්ටිකා ප්‍රමාණය අඩු වීමට (TTS) හේතු විය හැකි බව මොවුන් පිළිගෙන තිබෙනවා.

නමුත් මෙය ඉතාමත් දුර්ලභ අවස්ථාවලදී පමණක් සිදුවන බැවින් මහජනතාව බිය විය යුතු නැති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.