― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsබලධාරීන්ගේ නොසැලකිල්ලෙන් ඔලිම්පික් සිහිනය බොඳ වූ ක්‍රීඩකයෝ

බලධාරීන්ගේ නොසැලකිල්ලෙන් ඔලිම්පික් සිහිනය බොඳ වූ ක්‍රීඩකයෝ

මෙම සතියේ 4 සහ 5 යන දෙදින බහමාස් හිදී පැවැත්වීමට නියමිත ලෝක සහය දිවීමේ මළල ක්‍රීඩා තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමේ වීසා බලපත්‍ර ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වනවා.

පැරීසියේ පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගිවීම සඳහා බහමාස් බලා පිටත්ව යාමට නියමිතව සිටි ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම මෙම ගැටලුවට මුහුණ පා සිටිනවා.

මීටර් 400 සහය දිවීමේ ඉසව්ව සඳහා තරගකරුවන් ලෙස අරුණ දර්ශන සහ කාලිංග කුමාර ඇතුළු 4 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගී වීමට නියමිතව තිබුණි.

කෙසේ වෙතත් කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය මැයි මස අවසන් වනතුරු වීසා සම්මුඛ පරීක්ෂණ සඳහා දින ලබාදී නොමැති නිසා බහමාස් හි පැවැත්වෙන ලෝක සහය දිවීමේ මළල ක්‍රීඩා තරගාවලියට සහභාගි වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට නොහැකි වී තිබෙනවා.

වීසා ගැටළු හේතුවෙන් බහමාස් වෙත යාමට නොහැකි වන බව ශ්‍රී ලංකා මළල ක්‍රීඩා සහ ක්ෂේත්‍ර පාලක මණ්ඩලය ඊයේ ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමේ සාමාජිකයින්ට දැනුම් දුන්නා.

තරගාවලියට ආරාධනා ලැබීමෙන් පසු වීසා ඉල්ලුම් කළද එතැන් සිට මේ දක්වා අමෙරිකානු වීසා ලබා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයන් ලබා ගැනීමට මෙරට මළල ක්‍රීඩා සංගමයට හෝ ක්‍රීඩා අමාත්‍යාංශයට හැකියාවක් ලැබී නැහැ.

ශ්‍රී ලංකා මළල ක්‍රීඩා හා ක්ෂේත්‍ර කළමනාකරණ කමිටුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා මැදිහත් වුවද තානාපති කාර්යාලය සිය ස්ථාවරය වෙනස් කර නොමැති බවයි.