27.8 C
Colombo
Tuesday, July 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentවෑන් - ට්‍රැක්ටර් අනතුරකින් අයෙක් ජීවිතක්ෂයට

වෑන් – ට්‍රැක්ටර් අනතුරකින් අයෙක් ජීවිතක්ෂයට

යාපනය, තෙන්මලාච්චි ප්‍රදේශයේදී අත් ට්‍රැක්ටරයක් සහ වෑන් රථයක් අනතුරට ලක්වීමෙන් එක් පුද්ගලයෙකු මිය ගොස් තවත් සිව්දෙනෙක් බරපතල තුවාල ලබා තිබෙනවා.

යාපනය ඇ9 මාර්ගයේ නුනාවිල් ප්‍රදේශයේදී අද (01) උදෑසන මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පවසන්නේ.

අනතුරෙන් ට්‍රැක්ටර් රථයේ ගමන් ගත් පස් දෙනාගෙන් එක් අයෙකු මියගොස් ඇති අතර තවත් තිදෙනෙකු බරපතල තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

වෑන් රථයේ ගමන් ගත් දැරිය සහ ට්‍රැක්ටර් රථයේ රියදුරු චාවකච්චේරි මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

බරපතල තුවාල ලැබූ කොන්ඩාවිල් ප්‍රදේශයේ පදිංචි එම්. සතිෂ්කුමාර් චාවකච්චේරි මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

කොළඹ සිට විදේශිකයන් රැගෙන යාපනය දෙසට ධාවනය වූ මෙම වෑන් රථය ඊට ඉදිරියෙන් ගමන් කළ ට්‍රැක්ටරයේ පිටුපසින් ගොස් ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් චාවකච්චේරි පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.