― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsක්‍රිකට් පිත්තකින් පහර දී සිසුවෙක් ඝාතනය කරලා

ක්‍රිකට් පිත්තකින් පහර දී සිසුවෙක් ඝාතනය කරලා

නාවලපිටිය, මොන්ටක්‍රිස්ටො ප්‍රදේශයේ පැවති ක්‍රිකට් තරඟයකින් අනතුරුව ක්‍රිකට් පිත්තකින් පහර දී සිසුවෙක් ඝාතනය කර තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ ක්‍රිකට් තරගයෙන් අනතුරුව ඇති වූ බහින්බස්වීමක් දුරදිග ගොස් 14 හැවිරිදි පාසල් සිසුවෙකු විසින් මෙලෙස 13 හැවිරිදි පාසල් සිසුවකුගේ හිසට ක්‍රිකට් පිත්තකින් පහර දී ඔහු මරා දමා ඇති බවයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එම ප්‍රදේශයේ පදිංචි ස්ටැන්ලි ස්ටෙපික් නමැති නාවලපිටිය කදිරේෂන් විදුහලේ සිසුවෙක් බවයි පොලීසිය පැවසුවේ.

මෙම සිසුන් දෙදෙනා තවත් පිරිසක් සමඟ පසුගිය 23 වැනිදා ක්‍රිකට් ක්‍රීඩා කර ඇති අතර එහිදී හදිසියේම ඇදහැලුණු වර්ෂාව හේතුවෙන් මොවුන් සෙල්ලම් කිරීම නවතා දමා තිබෙනවා.

එම අවස්ථාවේදී එක් පාසල් සිසුවෙකු විසින් මෙම ස්ටැන්ලි සිසුවාගේ ක්‍රිකට් පිත්ත වතුර පිරුණු ස්ථානයක ඔබා තිබෙනවා. ඒ සමග මෙම ස්ටැන්ලි නම් සිසුවා එම සිසුවාට බැන වැදී ඇති බවයි පොලිසිය පවසන්නේ.

මින් කේන්තියට පත් අනෙක් සිසුවා ඔහුගේ ක්‍රිකට් පිත්තෙන් මෙම සිසුවාගේ හිසට පහර දී තිබෙනවා.

එම ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ සිසුවා නාවලපිටිය රෝහලටත් ඉන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර මහ රෝහලටත් ඇතුළත් කර තිබෙනවා. එහි ප්‍රතිකාර ලබමින් සිටියදීයි සිසුවා ඊයේ (30) ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණය වී ඇත්තේ හිසට සිදුවූ බරපතල හානි නිසා මෙම මරණය සිදුව ඇති බවයි.

නාවලපිටිය පොලිසිය විසින් මෙම සැකකාර පාසල් සිසුවා පොලිස් භාරයට ගෙන ඇති අතර මැයි මස 06 වැනිදා දක්වා ඔහු වේරවලවත්ත ළමා නිවාසය වෙත යොමුකර තිබෙනවා.