― political ―

ආණ්ඩුව ජනතාවගේ ඇස්වසා හොරකම් කරනවා – සජිත්

මතින් තොර රටක් බිහි කරන බව පවසමින් ආණ්ඩු විශාල සංඛ්‍යාවක් බිහි වුවත් ඔවුන් බලයට පත් වූ විගස බාර් පර්මිට් දුන් බවත් මේ නිසා පාසල්...
HomeHot Newsලෝක කුසලානයට යන ඇෆ්ගන් සංචිතය ප්‍රකාශයට

ලෝක කුසලානයට යන ඇෆ්ගන් සංචිතය ප්‍රකාශයට

2024 විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා ඇෆ්ගනිස්ථාන සංචිතය නම් කර තිබෙනවා.

මෙවර එම සංචිතය සඳහා තුන් ඉරියව් ක්‍රීඩකයින් හයදෙනෙකු ඇතුළත් වන අතර රෂීඩ් ඛාන්ට මෙවර ලෝක කුසලානය වෙනුවෙන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවරී තිබෙනවා.

ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයේ ඇතුළත් ක්‍රීඩකයින්ගෙන් අටදෙනෙකුම මේ වන විට IPL තරගාවලියට සම්බන්ධ වී සිටීමද විශේෂත්වයකි.

ඇෆ්ගනිස්ථාන සංචිතය පහතින්,

රෂීඩ් ඛාන් (නායක), රහ්මානුල්ලා ගුර්බාස්, ඊබ්‍රාහිම් සද්‍රාන්, අස්මතුල්ලා ඔමර්සායි, නජිබුල්ලා සද්‍රාන්, මොහොමඩ් ඉෂාක්, මොහොමඩ් නබි, ගුල්බඩින් නයිබ්, කරීම් ජනත්, නන්ගියල් ඛරෝති, මුජීබ් උර් රහ්මාන්, නූර් අහමඩ්, නවීන්-උල්-හක්, ෆසාල්හක් ෆාරුකි, ෆරීඩ් අහමඩ් මලික්.

අතිරේක ක්‍රීඩකයින් – හස්රතුල්ලා සසායි, සලීම් සාෆි, සේඩික් අටල්.