― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsඑරික් සෝල්හයිම් උතුරේ සංචාරයක

එරික් සෝල්හයිම් උතුරේ සංචාරයක

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජාත්‍යන්තර දේශගුණික විපර්යාස පිළිබඳ උපදේශක සහ හිටපු නෝර්වේ විදේශ අමාත්‍ය එරික් සෝල්හයිම් හා උතුරු පළාත් ආණ්ඩුකාර පී. එස්. එම්. චාල්ස් අතර හමුවක් පවත්වා තිබෙනවා.

යාපනයේ පිහිටි උතුරු පළාත් ආණ්ඩුකාරවරියගේ නිල නිවසේදී මෙම හමුව පැවැත්විණි.

උතුරු පළාතේ වත්මන් තත්ත්වය, නැවත පදිංචි කිරීමේ කටයුතුවල ප්‍රගතිය, ඉදිරි සංවර්ධන කටයුතු, පරිසරය සහ ආපදා කළමනාකරණ කටයුතු පිළිබඳව මෙහිදී සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ඔවුන් ඊයේ (01) මණ්ඩතිව් ප්‍රදේශයේ ක්ෂේත්‍ර සංචාරයක නිරත වුණා.