29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsචීනයේ අධිවේගී මාර්ගයක් කඩා වැටෙයි

චීනයේ අධිවේගී මාර්ගයක් කඩා වැටෙයි

චීනයට බලපා ඇති අධික වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමග ග්වැන්ඩොන්ග් පළාතේ කඳුකර ප්‍රදේශයෙක් හරහා වැටී තිබූ අධිවේගී මාර්ගයක කොටසක් කඩා වැටී පුද්ගලයින් 24 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

වැසි සමග අධිවේගී මාර්ගයේ අඩි 58 ක කොටසක් කඩා වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අනතුරත් සමග තවත් පුද්ගලයින් 30 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව සඳහන්.

කෙසේ වෙතත්, අධිවේගී මාර්ගය කඩා වැටීමට නිශ්චිත හේතුවක් මෙතෙක් චීන බලධාරීන් ප්‍රකාශයට පත්කර නැහැ.

තුවාල ලැබූවන්ගේ තත්ත්වය බරපතල නොවන අතර, චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේ පළාත් රජය හදිසි ප්‍රතිචාර දැක්වීමේ නිලධාරීන් 500 ක් එම ස්ථානයට යොමුකර ඇති බවයි.

අධිවේගී මාර්ගයේ කඩා වැටුණු කොටසට වාහන 20ක් වැටී ඇති බවයි බලධාරීන් පවසන්නේ.

චීනයේ වඩාත්ම ජනාකීර්ණ පළාතක් වන ග්වැන්ඩොන්ග් පළාතේ පසුගිය සතියේ ඇති වූ හදිසි ගංවතුර හේතුවෙන් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් තවත් 110,000 කට වැඩි පිරිසක් අවතැන් වුණා.