29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsමිනිස් අස්ථි සොයා පුන්කුඩුතිව් හි කැණීම් ඇරඹෙයි

මිනිස් අස්ථි සොයා පුන්කුඩුතිව් හි කැණීම් ඇරඹෙයි

යාපනය, පුන්කුඩුතිව් රෝහල ආසන්නයේ මිනිස් අස්ථි කොටස් ගොඩගත් ප්‍රදේශයේ කැණීම් කටයුතු අද සිදු කෙරෙනවා.

උර්කාවතුර දිසා විනිසුරු නාලිනී සුබාකරන්, අධිකරණ වෛද්‍ය නිලධාරී සී. ප්‍රනාවන් ඇතුළු දෙපාර්තමේන්තු නිලධාරීන් ඉදිරියේ මෙම කැණීම් කටයුතු සිදුකරනු ලබනවා.

පසුගියදා පුන්කුඩුතිව් රජයේ රෝහල අසළ පිහිටි ශිව කෝවිලේ ප්‍රතිසංස්කරණ කටයුතු හේතුවෙන් අත්තිවාරමක් කැපීමේදී මිනිස් ඇටසැකිලි කොටස් හමු වුණා.

ඉන් අනතුරුව අත්තිවාරම කැපීමේ කටයුතු අත්හිටුවා ඒ පිළිබඳව ප්‍රාදේශීය පොලිස් ස්ථානයට දැනුම් දීමෙන් පසු එම ස්ථානයට ගිය පොලිසිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා සිටියේ එම ස්ථානයේ කැණීම් කටයුතු සිදුකිරීමට අවසර දෙන ලෙසයි.

ඒ අනුව ලැබුණු අධිකරණ අවසරය මත අද (02) එම ස්ථානයේ කැණීම් කටයුතු සිදු කෙරෙනවා.