― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsලන්ඩන් බලා ගිය ගුවන් මගීන්ට අකරතැබ්බයක්

ලන්ඩන් බලා ගිය ගුවන් මගීන්ට අකරතැබ්බයක්

ලන්ඩන් බලා ගිය ශ්‍රී ලංකන් ගුවන් යානයක මගීන්ට ඔස්ට්‍රියාවේ වියානාහි පැය ගණනාවක් සිරවී සිටින්නට සිදුව තිබෙනවා.

වියානා වෙත ගොඩබෑ යානයේ තාක්ෂණික දෝෂයක් හට ගැනීම ඊට හේතුවයි.

මගීන් චෝදනා කරන්නේ ශ්‍රී ලන්කන් කාර්ය මණ්ඩලය ඇති වූ තත්ත්වය නිසි ලෙස කළමනාකරණයට අපොහොසත් වූ බවයි.

කටුනායක සිට ලන්ඩනයේ හීතෲ බලා පසුගිය බදාදා පස්වරු 1.05ට පිටත්වූ UL 503 ශ්‍රී ලන්කන් ගුවන් යානය ඔස්ට්‍රියාවේ වියනා වෙත හදිසි ගොඩබෑමක් සිදුකර තිබෙනවා.

ඒ යානයේ සිටි කුඩා දරුවෙකුට ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන්.
කෙසේ වෙතත් යානයට සිය ගමනාන්තය වෙත යළි පිටත්ව යෑමට නොහැකි වී ඇත්තේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන්.

උද්ගත වූ තත්ත්වය හමුවේ මගීන්ට පැය ගණනාවක් වියානා ගුවන්තොටුපොළේ රැඳී සිටීමට සිදු වුණා. ඔවුන් චෝදනා කළේ ඇතිව තිබෙන තත්ත්වය පිළිබඳ නිසි පරිදි තමන්ව දැනුවත් කිරීමට හෝ ශ්‍රී ලන්කන් කාර්ය මණ්ඩලය අපොහොසත් වූ බවයි.

ව්‍යාපාරික පන්තියේ ගමන් කළ මගීන්ට පමණක් හෝටල් කාමර වෙන් කර දී ඇති අතර සෙසු මගීන්ට සිදු වූයේ ගුවන්තොටුපලේ රැඳී සිටීමටයි. ඔවුන් වෙනුවෙන් අවම මූලික පහසුකම් හෝ සපයන්නට ගුවන් කාර්ය මණ්ඩලය කටයුතු නෙකළ බවටද චෝදනා එල්ල වනවා.

තාක්ෂණික දෝෂය නිරාකරණය කර ගැනීමෙන් පසු යානය වියනා වෙතින් පිටත් ව ගියේ ඊයේ පස්වරුවේයි.