28.4 C
Colombo
Saturday, July 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබොරිස් ජොන්සන්ට ඡන්ද මධ්‍යස්ථානයේදී අකරතැබ්බයක්

බොරිස් ජොන්සන්ට ඡන්ද මධ්‍යස්ථානයේදී අකරතැබ්බයක්

බ්‍රිතානයේ හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ට ඡන්ද මධ්‍යස්ථානයේදී අකරතැබ්බයක් සිදු වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ හිටපු අග්‍රාමාත්‍යවරයා හැඳුනුම්පත අමතක වී ඡන්ද මධ්‍යස්ථානයට ගොස් ඇති අතර එම ස්ථානයේදී ඔහුව ආපසු හරවා එවා ඇති බවත්ය.

මෙහි ඇති විශේෂම කරුණ නම් ඡන්දය ප්‍රකාශ කිරීමට හැඳුනුම්පත අත්‍යවශ්‍ය බවට වන නව නීතිය 2022 වසරේදී බොරිස් ජොන්සන් විසින්ම හඳුන්වා දී තිබීමයි.

කෙසේනමුත් හැඳුනුම්පත රැගෙන යළි ඡන්ද මධ්‍යස්ථානයට පැමිණි පසුව හිටපු අග්‍රාමාත්‍යවරයාට ඡන්දය භාවිත කිරීමට අවස්ථාව ලබා දී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.