27.2 C
Colombo
Wednesday, May 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගාසාහි ළමා අරමුදලට තවත් පරිත්‍යාගයක්

ගාසාහි ළමා අරමුදලට තවත් පරිත්‍යාගයක්

ගාසාහි ළමා අරමුදල වෙනුවෙන් මාවනැල්ල සහිරා විද්‍යාලය විසින් රුපියල් ලක්ෂ 33ක මුදලක් පරිත්‍යාග කර තිබෙනවා.

ඊට අදාළ චෙක්පත ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත අද (03) මුදල් අමාත්‍යාංශයේදී බාර දෙනු ලැබීය.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති අරමුදලේ ලේකම් සරත් කුමාර සහ මාවනැල්ල සහිරා විද්‍යාලයේ විදුහල්පති ඒ. එම් නව්සාඩ්, ආචාර්ය මණ්ඩලය වෙනුවෙන් එස්. එම් නවාස්, සහ එම්. එස්. එම්. නලිම්, පාසල් සංවර්ධන සමිතියේ ලේකම් එම්. එච් රිලාෆ් මොහොමඩ්, ආදි ශිෂ්‍ය සංගමයේ ලේකම් එස්. එල් මොහොමඩ් රිෆ්කාන්, එම්. එස්. එම් නිලාර්ඩීන් යන මහත්වරුන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.