― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsපළාත් රැසක උෂ්ණත්වය යළි ඉහළට

පළාත් රැසක උෂ්ණත්වය යළි ඉහළට

අද (04) දිනයේදී දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අවධානය යොමු කළ යුතු මට්ටම දක්වා තවදුරටත් ඉහළ යන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මොනරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලත් උණුසුම් දර්ශකය, මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිය හැකි බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසන්නේ.

වියළි කාලගුණය නිසා ඇති විය හැකි විජලන තත්ත්වයෙන් මිදීම සඳහා හැකිතාක් වැඩිපුර ජලය පානය කරන ලෙසත් වෙහෙසකාව්‍රී ක්‍රියාකාරක්ම්වල නියැලීම හැකි තාක් අඩු කරන ලෙසත් වෛද්‍යවරුන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

එමෙන්ම වැඩබිම් තුළ සිටින පුද්ගලයින් ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන්න ලෙසත් සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.