26.7 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදෙමාපියන්ගේ කර මතින් ගොස් ගෞරවය ලැබූ විදුහල්පතිනිය

දෙමාපියන්ගේ කර මතින් ගොස් ගෞරවය ලැබූ විදුහල්පතිනිය

වවුනියාව, පුදුකුලම ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිනිය ලෙස සේවය කළ කමලඅම්බිගෙයි සොක්කලිංගම් මහත්මියගේ විශ්‍රාම යෑම නිමිත්තෙන් විදුහල්පතිනිය වෙත ගෞරවය පිරිනැමීමේ උත්සවයක් ඊයේ (03) විද්‍යාලයේදී පැවැත්විණ.

එහිදී විද්‍යාලීය දරුවන්ගේ දෙමාපියන් හා ගුරුවරුන් විසින් විදුහල්පතිනිය කර මතින් රැගෙන ගොස් ගෞරව පිරිනමා තිබෙනවා.

පැරණි දෝලාවක් වැනි පුටුවක් සකස් කොට ඒ මතින් විදුහල්පතිනිය පාසල වටා රැගෙන ගොස් ගෞරව දැක්වීමට විද්‍යාලීය දරුවන්ගේ දෙමාපියන් කටයුතු කර තිබුණා.

විදුහල්පතිනිය විද්‍යාලයේ සේවය කළ අවස්ථා කිහිපයකදීම වවුනියාව දිස්ත්‍රික්කයේ හොඳම ශිෂ්‍යත්ව ප්‍රතිඵල විද්‍යාලයට ලබාදීමට කටයුතු කළ බවයි දෙමාපියන් පවසන්නේ.

කිසිදු අතිරේක ආර්ථික ප්‍රතිලාභයක් නොලබා විද්‍යාලීය දරුවන් අධ්‍යාපනය නංවාලීමට විදුහල්පතිනිය නිරතුරුව කටයුතු කළ බැවින් විදුහල්පතිනිය විශ්‍රාම යන දිනයේ තමන්ගේ කර මතින් රැගෙන යාමට කටයුතු කළ බවඔවුන් පවසනවා.

මුදල මතම යැපෙන සමාජයක තම වැටුපෙන් කොටසක්ද දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කිරීමට විදුහල්පතිනිය ඇතැම් අවස්ථාවල කටයුතු කොට ඇති බවයි දෙමාපියන් සඳහන් කරන්නේ.

විදුහල්පතිනිය එළැඹෙන 06 වැනිදා විශ්‍රාම යාම නිමිත්තෙන් දෙමාපියන් විසින් මෙම ගෞරව පිරිනැමීමේ වැඩසටහන සංවිධානය කොට තිබුණා.