― political ―

ආණ්ඩුව ජනතාවගේ ඇස්වසා හොරකම් කරනවා – සජිත්

මතින් තොර රටක් බිහි කරන බව පවසමින් ආණ්ඩු විශාල සංඛ්‍යාවක් බිහි වුවත් ඔවුන් බලයට පත් වූ විගස බාර් පර්මිට් දුන් බවත් මේ නිසා පාසල්...
HomeHot Newsඅනධ්‍යන සේවක වැඩ වර්ජනය අඛණ්ඩව

අනධ්‍යන සේවක වැඩ වර්ජනය අඛණ්ඩව

විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලය ආරම්භ කළ වැඩ වර්ජනය අද (04) තුන්වන දිනටත් ක්‍රියාත්මකයි.

වැටුප 15% කින් කප්පාදු කිරීම හා මාසික හිලවු දීමනාව වැඩි නොකිරීමට විරෝධය පළ කරමිනුයි ඔවුන් මෙම වැඩ වර්ජනයේ නිරත වන්නේ.

මේ හේතුවෙන් සියලු විශ්වවිද්‍යාලවල සති අන්ත පාඨමාලා ද ඇණහිට තිබෙනවා.

කෙසේනමුත් විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික එස්. ප්‍රියන්ත පවසන්නේ තම ගැටලුවලට මැයි මස 08 වැනිදාට පෙර ගැටලුවට විසඳුමක් ලබා නොදුනහොත් වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් දැඩි කරන බවයි.