― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsපියාගේ ප්‍රාණ ඇපයේ සිටි දරු දෙදෙනා මුදාගනී

පියාගේ ප්‍රාණ ඇපයේ සිටි දරු දෙදෙනා මුදාගනී

තම බිරිඳ ඝාතනය කිරීම සඳහා ඊයේ (05) පස්වරුවේ අත් බෝම්බයක් රැගෙන නිවසට පැමිණි පුද්ගලයෙක් තම දරුවන් දෙදෙනා ප්‍රාණ ඇපයට තබාගත් පුවතක් හංවැල්ල, ජල්තර ප්‍රදේශයෙන් වාර්තා වනවා.

කෙසේනමුත් පැය නවයක මෙහෙයුමකින් පසු දරුවන් දෙදෙනා බේරා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකායට හැකියාව ලැබී තිබෙනවා.

අත් බෝම්බයක් ද සමඟින් සිටි සැකකරුව ද දැඩි පරිශ්‍රමයක් දරා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පුද්ගලයා දරුවන් දෙදෙනා ප්‍රාණ ඇපයේ තබාගෙන සිටි අවස්ථාවේදී දරුවන් දෙදෙනාට යම් එන්නතක් ලබා දී ඇති බැවින් එම දරුවන් දෙදෙනා හෝමාගම මූලික රෝහලට ඇතුලත් කිරීමට කටයුතු කර තිබෙනවා.

දරුවන් ප්‍රාණ ඇපයට ගෙන අත්බෝම්බයේ අගුලු ඉවත් කර සිටි පුද්ගලයා සමඟ සාකච්ඡා කරමින් එම අත් බෝම්බය යළි අගුලු ලෑමට බෝම්බ නිෂ්ක්‍රීය අංශය දැඩි පරිශ්‍රමයක් දරා තිබුණා.

පසුව පොලිස් විශේෂ කාර්ය බළකායේ නියෝජිතයින් විසින් පැය නවයක් තිස්සේ සැකකරු සමඟ සාකච්ඡා කරමින් දැඩි ලෙස ආයාචනා කර ඇත්තේ දරුවන් දෙදෙනාට හානි නොකර නිවසෙන් පිටතට පැමිණි ලෙසයි.

එහෙත් එම ඉල්ලීම්වලට සවන් නොදුන් සැකකරු දිගින් දිගටම දරුවන් ප්‍රාණ ඇපයට තබාගෙන සිටීම නිසාවෙන් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් එක්වරම මෙහෙයුමක් දියත් කොට සැකකරු සිටි කාමරයේ දොරවල් කඩා දමා සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු සතුව තිබූ අත් බෝම්බය විනාශ කිරීම සඳහා බෝම්බ නිශ්ක්‍රීය අංශය වෙත බාර දීමට කටයුතු කළ බව පොලිසිය පවසනවා.

සැකකරු විදේශගතව සිට කෙටි කලකට පෙර මෙරටට පැමිණ ඇති බවත් අඹු සැමියන් අතර ඇති වූ අඩ දබර නිසාවෙන් කාන්තාව වෙනත් පුද්ගලයකු සමග ජල්තර රාජ්‍ය සේවක නිවාස සංකීර්ණයේ රැඳී සිටින බවට ලද තොරතුරක් මත එම නිවසට පැමිණ ඇත්තේ භාණ්ඩ ගෙනැවිත් ලබා දෙන කුරියර් සේවයක නියෝජිතයෙකු ලෙස බවයි අනාවරණය වී ඇත්තේ.

පසුව එම නිවාස සංකීර්ණයේ නිවාස කිහිපයකටම ගොස් ඇති සැකකරු තම දරුවන් දෙදෙනා මිදුලේ සෙල්ලම් කරනු දැක අදාළ නිවසට පැමිණ බිරිඳ ඝාතනය කිරීමට උත්සාහ ගත් අවස්ථාවේදී බිරිඳ බව කියන කාන්තාව එම ස්ථානයෙන් පලා ගොස් ඇති අතර සැකකරු විසින් දරුවන් දෙදෙනා කාමරයකට රැගෙන ගොස් ප්‍රාණ ඇපයට ගෙන තිබුණා.