― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsඅල්ලස් කොමිසමේ අධ්‍යක්ෂකවරයාට එරෙහිව පෙත්සම් 03ක්

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂකවරයාට එරෙහිව පෙත්සම් 03ක්

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නව අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙස ඩබ්ලිව්. කේ. ඩී. විජේරත්න පත්කිරීම සහ එම ධුරයේ කටයුතු කිරීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් 03 ක් ගොනුකර තිබෙනවා.

බලශක්ති ක්ෂේත්‍රයේ විශේෂඥයෙකු වන විදුර රැළපනාව, මාධ්‍යවේදීනී රුවනි ෆොන්සේකා සහ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා සංවිධානය විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇත.

එහි වගඋත්තරකරුවන් ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින්, එහි නව අධ්‍යක්ෂ ජනරාල් වරයා ලෙස පත් කරනු ලැබූ ඩබ්ලිව්. කේ. ඩී. විජේරත්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයින්, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිනවා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ දූෂණ විරෝධී පනතේ 19 වන වගන්තිය යටතේ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් පත් කරනු ලබන පුද්ගලයා නීතිඥයෙකු විය යුතු අතර ඔහුට අපරාධ නඩු කටයුතු මෙහෙයවීම පිළිබඳව වසර 15ක පලපුරුද්දක් තිබිය යුතු බවයි.

මේ වනවිට අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් පත්කර සිටින විජයරත්න අධිකරණ නිලධාරියෙකු වුවද ඔහු එම මූලික සුදුසුකම සපුරා නොමැති බවත් පෙත්සම්වලින් පෙන්වා දී ඇති අතර මෙම නව පත් කිරීම සිදුකිරීමේදී ආණ්ඩුක්‍රම ව්‍යස්ථදායක සභාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ තමන් වෙත පැවරී තිබෙන වගකීම නිසියාකාරව ඉටුකිරීම පැහැර හැර තිබෙන බවත් චෝදනා කර තිබෙනවා.

ඒ අනුව අදාළ පත්කිරීම තුළින් වග උත්තරකරුවන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කොට තිබෙන බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් අල්ලස් කොමිසමේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත් කරනු ලැබූ විජේරත්න එම ධුරයේ කටයුතු කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියා.