― political ―

අර්චුනාගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන්නැයි ඉල්ලූ පෙත්සමට අධිකරණයෙන් ලැබුණු නියෝගය

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධුරය අවලංගු කරන ලෙස - අභියාචනාධිකරණයේ විරෝධතා ඉදිරිපත් කිරීමට කල් දෙයි අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඔෂල හේරත් විසින් ගොනු කර...
HomeHot Newsගංජා තොගයක් සමඟ තරුණයෙක් පොලිස් දැලේ

ගංජා තොගයක් සමඟ තරුණයෙක් පොලිස් දැලේ

කේරළ ගංජා තොගයක් ප්‍රවාහනය කළ සැකකරුවෙකු ඊයේ (06) සවස වවුනියාව, තාණ්ඩිකුලම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පුලියන්කුලම පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරු යාපනය දෙස සිට වවුනියාව දෙසට යතුරුපැදියකින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 124 ක් ප්‍රවාහනය කරමින් සිටියදී ගංජා තොගය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වවුනියාව, චෙක්කඩිපිලව් ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරු හා කේරළ ගංජා තොගය වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් පුලියන්කුලම පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් හා වවුනියාව පොලිස් නිළධාරීන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.