― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsරහසඟේ පන්දුවක් වැදී පිරිමි දරුවෙක් ජීවිතක්ෂයට

රහසඟේ පන්දුවක් වැදී පිරිමි දරුවෙක් ජීවිතක්ෂයට

මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පූනේහිදී ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටි 11 හැවිරිදි පිරිමි ළමයෙකුගේ ලිංගේන්ද්‍රයේ පන්දුවක් වැදීම හේතුවෙන් මියගොස් තිබෙනවා.

තම යහළුවන් සමඟ ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටියදීයි දරුවා මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දී ඇත්තේ.

ශෞර්යා නම් මෙම පන්දු යවමින් සිට ඇති අතර එහිදී පිතිකරුවෙක් එල්ල කළ පන්දුව මෙම දරුවාගේ ලිංගේන්ද්‍රයේ වැදී තිබෙනවා.

පන්දුව වැදීම නිසා ශෞර්යා එම ස්ථානයේදීම සිහිසුන්ව ඇද වැටෙන අයුරු දැක්වෙන වීඩියෝවක් ද සංසරණය වනවා.

අනතුරෙන් පසු දරුවා වහාම අසළ පිහිටි පෞද්ගලික රෝහලකට රැගෙන ගොස් ඇති අතර එහිදී වෛද්‍යවරු පවසා ඇත්තේ ඔහු ඒ වන විටත් මියගොස් ඇති බවයි.