― political ―

අර්චුනාගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන්නැයි ඉල්ලූ පෙත්සමට අධිකරණයෙන් ලැබුණු නියෝගය

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධුරය අවලංගු කරන ලෙස - අභියාචනාධිකරණයේ විරෝධතා ඉදිරිපත් කිරීමට කල් දෙයි අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඔෂල හේරත් විසින් ගොනු කර...
HomeHot Newsසෞඛ්‍ය වෘත්තීය සමිති අඛණ්ඩ වැඩ වර්ජනයක

සෞඛ්‍ය වෘත්තීය සමිති අඛණ්ඩ වැඩ වර්ජනයක

ලබන 09 වනදා සිට යළිත් වරක් දීප ව්‍යාප්ත අඛණ්ඩ වර්ජනයක් දියත් කිරීමට සෞඛ්‍ය වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා.

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් පැවසුවේ
සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය මාස 04ක සිට සිදුකළ අරගලය, සෞඛ්‍ය අමාත්‍යාංශය සකස් කළ තාක්ෂණික වාර්තාවට අනුව දීමනා ලබාදෙන බවට ලබාදුන් ලිඛිත පොරොන්දුව මත පසුගිය අප්‍රේල් මස තාවකාලිකව නවතා දැමූ බවයි.

කෙසේනමුත් මේ වනවිටත් එම එකඟතා නිවැරදි ආකාරයෙන් ඉටු නොවීම හේතුවෙන් හෙට (08) සිට යළිත් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කළ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.