32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsනෝර්වේජියානු තානාපතිනිය උතුරු පළාතේ සංචාරයක

නෝර්වේජියානු තානාපතිනිය උතුරු පළාතේ සංචාරයක

ශ්‍රී ලංකාවේ නොර්වේජියානු තානාපතිනි එලීන් ස්ටර්නර් මහත්මිය හා උතුරු පළාත් ආණ්ඩුකාර පී. එස්. එම්. චාර්ල්ස් මහත්මිය අතර ඊයේ (06) හමුවක් පවත්වා තිබෙනවා.

යාපනයේ පිහිටි උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී මෙම හමුව පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

උතුරු පළාතේ සිදුකෙරෙන නැවත පදිංචි කිරීමේ කටයුතුවල ප්‍රගතිය, ඉඩම් නිදහස් කිරීම, බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු, සංචාරක සංවර්ධන, අධ්‍යාපනය, ස්වභාවික බලශක්ති සම්පත් ඇතුළු කරුණු රැසක් පිළිබඳව එහිදි සාකච්ඡා කර තිබෙනවා.

උතුරු පළාතේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට පියවර රැසක් ගෙන තිබෙන නමුත් සංචාරක මග පෙන්වන්නන් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවන බවත්, නවාතැන් පහසුකම් ප්‍රමාණවත් නොවන බවත් සංචාරක ක්ෂේත්‍රය දියුණු කිරීමට ආයෝජන අවශ්‍ය බව ආණ්ඩුකාරවරිය එහිදි නොර්වේජියානු තානාපතිනිය වෙත පැවසුවාය.

දෙරට අතර අධ්‍යාපන හා තාක්ෂණ ක්ෂේත්‍රයන්ගේ සහයෝගිතා වැඩපිළිවෙලක් ආරම්භ කිරීම සම්බන්ධයෙන්ද එහිදී සාකච්ජා කර තිබෙනවා.

සාකච්ජාවේදී අදහස් දැක්වූ නෝර්වේජියානු තානාපතිනිය පැවසුවේ උතුරු පළාතේ සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය සහයෝගිතාව අඛණ්ඩව ලබාදීමට තවදුරටත් කටයුතු කරන බවයි.

සාකච්ජාව වෙනුවෙන් නොර්වේජියානු තානාපති කාර්යාල නිළධාරීන් පිරිසක්ද එක්ව සිටියහ.