25.6 C
Colombo
Friday, June 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගංජා තොගයක් සමඟ තරුණයෙක් පොලිස් දැලේ

ගංජා තොගයක් සමඟ තරුණයෙක් පොලිස් දැලේ

කේරළ ගංජා තොගයක් ප්‍රවාහනය කළ සැකකරුවෙකු ඊයේ (06) සවස වවුනියාව, තාණ්ඩිකුලම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පුලියන්කුලම පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරු යාපනය දෙස සිට වවුනියාව දෙසට යතුරුපැදියකින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 124 ක් ප්‍රවාහනය කරමින් සිටියදී ගංජා තොගය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වවුනියාව, චෙක්කඩිපිලව් ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරු හා කේරළ ගංජා තොගය වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් පුලියන්කුලම පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් හා වවුනියාව පොලිස් නිළධාරීන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.